0:00/???
  1. Amma
Free
Share
Amma
by Sasiisa

Share link

A heartfelt tribute to a mother’s love —
from the first breath to the unseen sacrifices.

This song is a son’s silent bow to the one who carried him, fed him, and shaped him with endless love.

Emotional. Poetic. Deeply grateful.
For every child who has ever whispered, "Thank you, Amma" — even if only in song.


Lyrics

දස මසක් පුරා
කුසේ දරා
අනේක දුක් කම්කටොලු දරා
මහ මෙරක් තරම්
සෙනෙහෙ දෝරෙ ගලා
මා හැඩි දැඩි කල
මගේ අම්මා

දස මසක් පුරා
කුසේ දරා
අනේක දුක් කම්කටොලු දරා
මහ මෙරක් තරම්
සෙනෙහෙ දෝරෙ ගලා
මා හැඩි දැඩි කල
මගේ අම්මා

මාගේ කිරි තොල් හමුවේ
ඔබ පෙවු කිරි වල අරුමේ
මාගේ කිරි තොල් හමුවේ
ඔබ පෙවු කිරි වල අරුමේ
කර දඬු උස්වී
වැඩිහිටි වූ මා
ඉන්නම් ඔබ සුවඳේ එතිලා

තුරුලට නාවත්
පුංචි කාලේ මෙන්
මා නුඹේ පුතු අම්මේ
තුරුලට නාවත්
පුංචි කාලේ මෙන්
මා නුඹේ පුතු අම්මේ
සයුරෙන් එතෙරව
සිටියත් මා
සිතින් මා ඔබ
ළඟයි අම්මේ

මාගේ කිරි තොල් හමුවේ
ඔබ පෙවු කිරි වල අරුමේ
මාගේ කිරි තොල් හමුවේ
ඔබ පෙවු කිරි වල අරුමේ
කර දඬු උස්වී
වැඩිහිටි වූ මා
ඉන්නම් ඔබ සුවඳේ එතිලා

රුදුරු කුරිරු මේ ලෝකයේ
මතු මතු උපදින භවයේ
රුදුරු කුරිරු මේ ලෝකයේ
මතු මතු උපදින භවයේ
ඔබේ පුතු වී මා
යළි උපදින්නම්
ඔබ සරණයි අම්මේ

දස මසක් පුරා
කුසේ දරා
අනේක දුක් කම්කටොලු දරා
මහ මෙරක් තරම්
ස්නේහය දෝරෙ ගලා
මා හැඩි දැඩි කල
මගේ අම්මා